Lalantha Madhushan

Arch Linux ලේසියෙන්ම Install කරමු

අද මම කතා කරන්න යන්නෙ Arch Linux install කරන්න විදිහ. ගොඩක් අය හිතනව Arch Linux install කරන්න අමාරුයි කියල. ඔව් Arch Linux ක්‍රමයට කරනව නම් වැඩේ ටිකක් අමාරුයි තමා. හැබැයි ඉතිං ලේසි ක්‍රමත් ඕන තරම් තියනව. ඒ අතරින් ගොඩක් අය දන්නෙ Feliz වගේ installer. හැබැයි ඊටත් වඩා සාර්ථකම ක්‍රමයක් තමා මම අද කියන්න යන්නෙ. Feliz installer එක තමා මාත් කලින් පාවිච්චි කරේ. ඒත් ඒකෙ මටනම් ගොඩක් අවුල් තිබ්බ. සමහර වෙලාවට Grub එක හරියට config වෙන්නෙ නෑ, සමහර වෙලාවට Display Manager එකේ අවුල්, Unicode අවුල්, ඔය වගේ ගොඩක් අවුල් මට ආව. හැබැයි මම මේ කියන්න යන වැඩේ මම දහපාරකට වඩා ට්‍රයි කරල තියනව කිසිම අවුලක් නෑ, දශමෙට install වෙනව.

ක්‍රමේ කියන්න කලින් දෙයක් කියන්න ඕන. Arch කියන්නෙ පෞද්ගලිකව මම කැමතිම ලින්ක්ස් distro එක.මම වැඩිපුරම යූස් කරපු distro එකත් Arch. ඒකට හේතු ගොඩක් තියේ. ඒව මම වෙනම කතා කරන්නම්. කවුරු හරි Arch වලට මාරු වෙන්න හිතනවනම් මතක තියා ගන්න Arch කියන්නෙ හැමෝටම ලේසියෙන් පාවිච්චි කරන්න පුලුවන් distro එකක් නෙවෙයි. ඒක ටිකක් ඇඩ්වාන්ස් ලිනක් යූසර්ස්ලට තමා හරි යන්නෙ. ඒ ඇයි කියල දැන ගන්න ඕන නම් කියන්න මම වෙනම ඒ ගැන කතා කරන්නම්.


මුලින්ම ඔයාලට කරන්න තියෙන්නෙ Arch Linux iso ෆයිල් එක බාගෙන Rufus යූස් කරල Bootable Pen Drive එකක් හදා ගන්න. ඊට පස්සෙ ඒ හදා ගත්ත Bootable Pen Drive එකෙන් Boot කරගන්න. ඒ ගැනනම් හැමෝම දන්නව ඇතිනෙ. ඊටපස්සෙ වෙන්න ඕන කරන්න ඕන දේවල් ටික මේ Video එකේ බොහොම පැහැදිලිව තියනව.


වීඩියෝ එකට මෙතනින් යන්න – https://bit.ly/2X0GdTZ

All Credit Goes to Original Creator of this video


Installer Github Page එකට මෙතනින් යන්න – https://bit.ly/2NLsHyf

All Credit Goes to Original Creator of this GitHub Script

වීඩියෝ එකේ ස්ටෙප්ස් එකින් එක ගානට ෆලෝ කරානම් ගොඩක් ලේසියෙන් වැඩේ ගොඩ දාගන්න පුලුවන්. Grub Bootloader එකත් එක්ක Os Prober install වෙන නිසා ඩුවල් බූට් අයටත් කිසිම ප්‍රශ්නයක් එන එකක් නෑ.ඩුවල් බූට් කරන්න කියල අමතර මොකුත් කරන්න දෙයක් නෑ. ඔක්කොම script එකෙන් බලාගන්නව. ආ තව දෙයක්, ඩුවල් බූට් කරන අයට Command Line වලින් Partition කරන්න අමාරුනම් වින්ඩොස් නම් තියෙන්නෙ කලින්ම Partition දෙකක් වෙන් කරගෙන ඉන්න. Root එකටයි Swap එකටයි. එතකොට තියෙන්නෙ Partition දෙක Delete කරල එහෙම්මම හදන්න විතරයි. මාත් ඉස්සෙල්ලාම කරනකොට වැඩේ ටිකක් අනා ගත්ත ඒකයි මේ ගැනත් කිව්වෙ.

මේ Script එක යූස් කරාට කමක් නෑ, හැබැයි එක පාරක් හරි Arch TTY එකෙනුත් install කරල බලන්න. ඒක මාරම Experience එකක්. Linux Os එකක් වැඩ කරන විදිහ ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි. මොනා හරි අවුලක් ආවොත් අහන්න එහෙනම් මන් කැපුන.

—— | keep it simple, stupid | —–
( KISS | keep it simple, stupid කියන්නෙ Arch Linux Development Team එක Follow කරන Principle එක. )

Arch Linux ගැන දැනගනිමු

කලින් ලිපියන් පස්සෙ කිහිප දෙනෙක් කිව්ව Arch Linux ගැන කතා කරන්න කියල. ඉතිං මේ ලිපියෙන් මම කතා කරන්නෙ ඒ ගැන. Arch තමා මම කැමතිම distro එක. වැඩිම කාලයක් පාවිච්චි කරපු එකත් කියල.මේකෙන් දැනගන්න පුලුවන් වෙයි ඒ ඇයි කියල. ඉසෙල්ලෙම බලමු Arch කියන්නෙ මොකද්ද කියල.

Arch Linux කියන්නෙ Crux Linux inspired කරගෙන Independently Develop කරපු linux distribution එකක්. ඒ කියන්නෙ ඔයාල දන්නවනෙ ජයප්‍රිය ගොඩක් ලින්ක්ස් distro නිර්මාණය වෙලා තියෙන්නෙ වෙන distro එකක් පදනම් කරගෙන. උදාහරණයක් විදිහට ubuntu නිර්මාණය වෙන්නෙ debian පදනම් කරගෙන, linux mint නිර්මාණය වෙන්නෙ ubuntu පදනම් කරගෙන, තව ඔයාල ගොඩක් දන්න kali linux නිර්මාණය වෙන්නෙත් debian පදන්ම් කරගෙන. හැබැයි මේ Arch Linux නිර්මාණය වෙන්න්නෙ තනියෙන්. ඒ කියන්නෙ linux kernel එක අරගෙන මුල ඉදන්ම අලුතින්ම නිර්මාණ්‍ය කරපු distro එකක්. ඒ කියන්නෙ Arch Linux කාගෙවත් මත යැපෙන්නෙ නෑ.

Arch Linux නිර්මාණය කරන්න මූලික වෙන්නෙ Judd Vinet කියන Developer කෙනෙක්. ඒ 2002 අවුරුද්දෙ මාර්තු 11. දැන් වර්තමාන Arch Linux Project එකේ වැඩ කරන්නෙ Aaron Griffin ඇතුළු development team එකක්. Arch Linux වල package management Pacman. මන් කලින් ලිපියෙනුත් කිව්වනෙ Arch Linux “ KISS | keep it simple, stupid “ කියන principle එක අනුගමනය කරනව කියල. හැබයි මේ simple කියන එකෙන් ලේසියි කියන එක නම් කියවෙන්නෙ නෑ.

“ Arch Linux is not for everyone “

Arch Linux වල graphical installer එකක් නෑ.
☑️ Ubuntu වල Ubiquity installer එක.
☑️ Red Hat, Oracle, CentOS, Qubes OS, Fedora වගේ distro වල එන Anaconda installer එක.
☑️ Manjaro වල Calamares installer එක. (Arch Derivative)
ඔය වගේ graphical installer එකක් Arch Linux වලට නෑ. තියෙන්නෙ text based installer එකක්. ඒ කියන්නෙ ඉතිං Arch Linux install කරන්න නම් command type කරන්නම ඕන. මේ නිසා තමා අපිට අපේ system එක අපිටම configure කරගන්න පුලුවන් වෙලා තියෙන්නෙ. Text base installer එක අමාරුනම් මගේ කලින් පෝස්ට් එකේ තියෙයි ලේසි ක්‍රමයක්.

දැන් අපි බලමු Arch Linux වල තියන සුවිශේෂී දේවල් මොනාද කියල.
✔️ Build Your Own System.
✔️ Rolling Release Model.
✔️ By the Community for the Community.
✔️ Pacman Package Manager is great.
✔️ AUR Repository
✔️ All Desktop Environment Support.
✔️ Arch Wiki

Build Your Own System
Arch Linux වල තියන හොදම දේ තමයි අපිට ඕන විදිහට අපේ os එක install කරගන්න පුලුවන් වීම. Arch Linux install කරාම එන්නෙ base system එක විතරයි.එතනින් එහාට ඕන දේවල්, ඒ කියන්නෙ Display server, Display manager, Desktop environment and software වගේ දේවල් අපිට ඕන අපේ අවශ්‍යතාව පරිදි install කරගන්න පුලුවන්. අන්තිමට අපේ system එකේ තියෙන්නෙ අපිට ඕනම දේවල් විතරයි. ඒ කියන්නෙ වැඩකට නැති කුණු ගොඩවල් අපේ system එකේ නෑ. තමන්ගෙ computer එකේ spec එකට ගැලපෙන්න desktop environment, software දාගන්න පුලුවන්. එතකොට අනවශ්‍යය විදිහට system එක slow වෙන්නෙ නෑ. පරණ computer එකක් උනත් හොදට වැඩ කරන්න පුලුවන් විදිහට set up කරගන්න පුලුවන්. කොටින්ම කිව්වොත් system එකේ තියන හැම දෙයක්ම තමන්ට ඕන විදිහට, තමන්ගෙ අවශ්‍යතාවයට ගැලපෙන්න දාගන්න පුලුවන්. කවුරුවත් config එකපු system එකක් දාගෙන අමාරුවෙන් වැඩ අරන්න ඕන නෑ. System එකේ full control එක තමන්ගෙ අතේ.

Rolling Release Model
Arch Linux කියන්නෙ rolling release model එක නුගමනය කරන distro එකක්. ලිනක්ස්වල ප්‍රධාන release model දෙකක් තියනව.
Fixed Release
Rolling Release
ඔය දෙකෙන් Arch Linux අයිති වෙන්නෙ rolling release ගණයට. ඒ කියන්නෙ ඔයා එක පාරක් os එක install කරම එතන ඉදන් දිගටම ඔයාට අපිඩේට් එනව. හැමදාම ඔයා ඉන්නෙ අලුත් අප්ඩේට්වල. කවදාවත් ආය අලුත් release එකට යන්න කියල ආය අලුතින්ම install කරන්න අවශ්‍ය නෑ. මේකෙදි වෙන්නෙ අලුතින් software එකටට update developer විසින් රිලීස් කරාම එසැනින්ම ඒ අප්ඩේට් යූසර්ලා ලබා දෙනව. ඒ software එකේ අලුත් version එකට යන්න os එකේ ඊලග release එක එනකන් ඉන්න ඕන නෑ. Version numbers වලින් os release කරන්නෙ නෑ. 18.04, 18.10, 19.04. 28, 29 ඔහොම රිලීස් නෑ. එකපාරක් ඔයා os එක install කරාම එතන ඉදන් ජීවිත කලෙම ඔයා ඉන්නෙ අලුත්ම os release එකේ තමා. අලුත් අප්ඩේට් නිකුත් වෙච්ච ගමන් අපිට ලැබෙනව. හැබැයි මේ rolling release model එකෙ අවුලක් තියේ. ඒ තමයි නිතරම update එන නිසාත්, ඒව Arch Linux developers ලා test කරල එවන්නෙ නැති නිසාත් system එක break වෙන්න තියන ඉඩ ගොඩක් වැඩියි. ඒ නිසා තමා Arch Linux හැමෝටම හරියන්නෙ නැත්තෙ. මේ විදිහට break උනාම ඒක fix කරගන්න්න තරම් දැනුමක් නැත්තම් සොරි තමා. හැබැයි ඉතිං එහෙමයි කියල බයවෙන්න එපා. යක්කු ඔය කියන තරම් කලු නෑ. මෙච්චර කාලෙකට මට නම් ලොකු අවුල් ඇවිල්ල නෑ. Oඔයත් අලුත්ම software, kernel එක්ක වැඩ කරන්න කැමති කෙනෙක් නම් Arch Linux තමා හොදටම ගැලපෙන්නෙ.

තව විස්තර කියවන්න
➡️ https://bit.ly/2Ib4ItZ

By the Community for the Community
Arch Linux කියන්නෙ සම්පූර්ණ community driven project එකක්. ඒ කියන්නෙ මේක පිටිපස්සෙ canonical, redhat වගේ company නෑ. කිසිම මූල්‍යමය අරමුණක් මේක පිටිපස්සෙ නෑ. යූසර්ස්ලම එකතුවෙලා කරන වැඩක් නිසා යූසර්ස්ලගේ ප්‍රශ්න හරියට අදුරගෙන ඒවට හරිම විසදුම් දෙන්න මේකට පුලුවන් වෙලා තියනව. ඒ නිසා මේවගෙ තියන අවුල් සහ ඒවට විසදුම් ගන්න හොද community එකක් Arch Linux වලට ඉන්නව. ඕන තරම් resources එහෙමත් තියනව.

Pacman Package Manager is great
Arch Linux වල ප්‍රධාන package management system එක තමා pacman. හරියටම ubuntu වල apt වගේ. Pacman කියන්නෙ පට්ටම pms එකක්. හරිම ලේසියෙන් software install, update, remove කරන්න පුලුවන්.pacman වල තියන commands කෙටි commands තියෙන්නෙ. උදාහරණයක් විදිහට මුලු system එකට update කරන්න type කරන්න තියෙන්නෙ “ pacman -Syu “ විතරයි. කොච්චර simple ද? ඔය command එක type කරාම ඔක්කොම repository sync වෙලා සම්පූර්ණ system එකම update වෙනව.

තව විස්තර බලන්න
➡️ https://bit.ly/1i0IEve

AUR Repository
Arch Linux වල වැදගත්ම දෙයක් තමා aur කියන්නෙ. මේක unofficial repository එකක්. මේක කිසිම විදිහකට Arch Linux developers ලා maintain කරන්නෙ නෑ. මේකෙ වැදගත් කම තමා වෙන කිසිම ලිනක්ස් repository එකකින් හොයාගන්න බැයි තරම් software, themes, icon packs, fonts, wallpapers වගේ හැම දෙයක්ම මේකෙන් හොයා ගන්න පුලුවන්. AUR වලින් package install කරන්න අපි AUR Helper කියල tool එකක් තමා පාවිචි කරන්නෙ. AUR Helper වර්ගත් ගොඩක් තියෙයි ඒත් නම් නම් යූස් කරන්නෙ YAY කියන එක. Oඔයාලටත් ඒක recommend කරනව. ඒක පට්ට. මේකෙ software packages නම් තියෙන්නෙ binay විදිහට නෙවෙයි. Source එක තියෙන්නෙ. මේ source එක ඔයාගෙ pc එකේදි තමා compile වෙන්නෙ. හැබැයි ඉතිං එහෙමයි කියාල ඔයාට කරන්න දෙයක් නෑ ඒ ඔක්කොම AUR Helper එකෙන්ම බලාගන්නව. Arch official repo වල නැත්තම් ඒ package එක aur වල අනිවා තියේ. නැති උනොත් නැති වෙන්නෙ distro specific packages තමා. PPA ඇඩ් කර කර ඉන්න, repo දදා ඉන්න කිසිම දෙයක් නෑ. එකම repo එකකින් ඔක්කොම හොයා ගන්න්න පුලුවන්. පාවිච්චි කරලම තාම රහ දැනගන්න ඕන. AUR එකේ පොඩි අවුල් දෙක තුනක් තියේ. එකක් තමා මන් කිව්වනෙ AUR Arch Developers ලා maintain කරන දෙයක් නෙවෙයි කියල ඒ නිසා මේකෙ පොඩි රිස්ක් එකක් තියෙයි. Arch linux offecial සයිට් එකෙත් මේකට warning එකක් දීල තියනව. මොකද මේ package කවුරුත් check කරන්නෙ නෑ. Malicious දේවල් තියෙන්න පුලුවන්. ඒකට package එක build කරන්න කලින් source එක කියවන්න අවස්ථාව AUR Helper වල දීල තියනව. ඒත් ඉතිං අපි දන්න programming. අපිට පුලුවන්ද ඕව කියවල තේරුම් ගන්න. ඒත් බය එන්න එපා එහෙම දේවල් බොහොම කලාතුරකින් වෙන්නෙ. මන් නම් හැමදාම AUR යූස් කරනව. System crashes වගෙ දේවල් නම් වෙලා නෑ. අනික් AUR වල අවුල තමා source එක compile වෙන්න ටික වෙලාවක් ගත වෙනව. සාමාන්‍ය package එකක් install කරනවට් වැඩිය. ඒ කොහොම උනත් AUR වල අවාසිවලට වඩා වාසි ගොඩක් වැඩී. මේකෙ තියන package එකක් ගොඩක් උනොත්, ගොඩක් අය download කරොත් නම් ඒව verify කරල arch linux ටීම් එක තමන්ගෙ offecial repo එකටත් ඇඩ් කරනව.

AUR වලට මෙතනින් යන්න.
➡️ https://bit.ly/1TtpZwu

All Desktop Environment Support
Arch Linux වල තව වාසියක් තමා දැනට තියන linux desktop environment ඔක්කොම වගේ තිබීම. ඒ විතරක් නෙවෙයි window managers ඔක්කොමත් වගේ තියනව. ඒ නිසා ඔයාලට තමන්ට අවශ විදිහට, තමන්ගෙ pc එකට ගැලපෙන්න හදා ගන්න ඕන තරම් තේරීම් තියෙයි. Arch Linux වල තියන de සහ wm ඔකෝම වගේ කසිම විදිහකින් customize නොකරපු pure විදිහටමයි තියෙන්නෙ. කවුරුත් මැදිහත් කරුවෙක් developer සහ user අතර ඉදන් මේව වෙනස් කරල නෑ. Pure experience එක user ට ලබා දීල තියනව. මෙතනිනුත් පේන්නෙ යූසර්ට දීල තියන් නිදහක තමා. මේ තත්වය de සහ wm වලට විතරක් නෙවෙයි. Software වලදිත් එහෙමයි.

තව විස්තර බලන්න මේකෙන්.
➡️ https://bit.ly/1va5GnN

Arch Wiki
ඊලග highlighting advantage එක තමා Arch Wiki. පට්ටම විකි පේජ් එකක් Arch Linux වලට තියනව.මේක හරියට ඔයාල දන්න wikipedia වගේ. මේකෙ Arch linux සම්බන්ධ හැමදෙයක් ගැනම තොරතුරු තියනව. හැම දෙයක් ගැනම සවිස්තරාතමකව පැහැදිලි කරල දීල තියනව. Arch Linux යූස් කරන කෙනෙකුට මේක ලොකු උදව්වක් වෙනව තමන්ගෙ system එක configure කරගන්න. Arch Linux install කරන තැන ඉදන් හැම දෙයක්ම මේකෙ ඇතුලත්. මේ විකි පේක් එක Arch Linux වලට විතරක් නෙවෙයි ඕන distro එකක් යූස් ක්කරන කෙනෙකුට පාව්චි අරන්න පුලුවන් විදිහට තමා හදල තියෙන්නෙ. ඒ තරම් වටින දේවල් මේකෙ තියනව. ලිනක්ස් distro එකකට තියන හොදම wiki page එක තම arch linux වල තියන මේ විකි පේජ් එක.

Arch Linux Wiki එකට මෙතනින් යන්න.
➡️ https://bit.ly/1grw8Vc

Arch linux වලට මාරු වෙනවනම් කෙනෙක් කාලය ටිකක් කැප කරන්න බලාගෙන එන්න ඕන. මොකද තුන් හතර පාරක් කිලික් කරල අනිත් distro වගේ install කරන්න, වැඩ කරන්න බලාගෙන නම් arch වලට එන්න එපා. තේරුමක් නෑ. ඔයාටත් arch linux ටිකක් complicated වැඩී වගේ හිතෙනවනම්, ඒත් arch linux experience එක ගන්න කැමතී නම් මේ arch based distro ට්ර්යි කරන්න. මේවගෙන් ඔයාට ලොකු මහන්සියක් නැතුව arch experience එක ගන්න පුලුවන් වෙයි. හැබැයි මේ එකකට වත් arch linux official developer ලා වත් community එකවත් involve වෙන්නෙ නෑ.

Manjaro
➡️ https://bit.ly/2AiMbGU

Antergos
➡️ https://bit.ly/1ULFBuo

Arco Linux
➡️ https://bit.ly/2WYBqlX

තව ඕන තරම් arch based distro තියේ. මම නම් ඔය ටික තමා recommend කරන්නෙ. තව distro ලිස්ට් එකක්ම මෙන්න මේකෙන් බලන්න.
https://bit.ly/2TW90XX

මන් හිතනව arch linux ගැන යම් හරි අවබෝධයක් එන්න ඇති කියල. මේව ඉතිං තමන්ට වාසිද අවාසිද කියන දේ එක එක්කෙනාට වෙනස් වෙයි තමන්ගෙ අවශ්‍යතාවන්, දැනුම වගේ දේවල් මත. ඔයත් arch linux පාවිච්චි කරනවනම් ඔයාගෙ අදහසුත් කොමෙන්ට් කරන්න. අනිත් අයට උදව්වක් වෙයි. අඩු පාඩුවක් තිබ්බොත් කියන්න. තව දැනගන්න දෙයක් තිබ්බොත් එකත් කියන්න. දන්න දෙයක් නම් කියන්නම්. එහෙනම් අදට කැපුන….

Windows සහ Linux මෙහෙයුම් පද්ධති වල වෙනස්කම් ගැන සරළව තේරුම් ගනිමු

මේ ලිපියන් මම කතා කරන්න යන්නේ අපි හැමෝම දන්න, ඒ වගේම මේ වෙනකොට ලෝකයේ ගොඩක් ජයප්‍රිය මෙහෙයුම් පද්ධති දෙකක් ගැන.

ඒ කියන්නේ Windows vs Linux ගැන. මුලින්ම කියන්න ඕන මේක ගොඩක් සංකීර්ණ මාතෘකාවක්. ඒකට හේතුව තමයි මේ එක එක මෙහෙයුම් පද්ධතිය ගත්තොත් එකින් එකට ආවේණික වාසි සහ අවාසි තියනවා.

මේ මෙහෙයුම් පද්ධති දෙකටම, ඒවාටම ආවේණික වුණු වාසි සහ අවාසි තියන නිසා, වින්ඩෝස් තමා හොඳ, ලිනක්ස් තමා හොඳ කියල පොදුවේ කියන්න අමාරුයි. යම් විශේෂ හේතුවක්, එහෙමත් නැතිනම් අවශ්‍යයතාවයක් මත පදනම් වෙලා තමයි මේක හොඳයි හෝ මේක වැඩක් නෑ කියන තීරණයට අපිට එන්න වෙන්නේ.

ඒ කියන්නේ ගොඩක් වෙලාවට හොඳ නරක තීරණය වෙන්නේ භාවිතා කරන්නාගේ අවශ්‍යතාවන් මත තමයි. මෙන්න මේ ප්‍රධාන කරුණු ටිකක පදනම් කරගෙන අපි කතා කරමු මේ මෙහෙයුම් පද්ධති ගැන.


Linux සහ Windows ගැන කතා කරද්දී මුලින්ම මතක් කරන්න ඕන දෙයක් තමයි, Windows කියලා Operating system එකක්, එහෙමත් නැතිනම් මෙහෙයුම් පද්ධතියක් තිබුණත්, Linux කියලා operating system එකක් නැහැ.

ඒ වෙනුවට තියෙන්නේ Linux kernel එක පාදක කරගෙන නිර්මාණය කළ මෙහෙයුම් පද්ධති සමූහයක්. Ubuntu, Fedora, RedHat, BodhiLinux, Arch Linux, Debain, CentOS වගේ විවිධ නම් වලින් අපි නිතරම දකින්නේ මේ Linux කියන මෙහෙයුම් පද්ධති පවුලේ එක එක විදිහේ සාමාජිකයන්.

බොහෝ වෙලාවට මේ වගේ එක මෙහෙයුම් පද්ධතියක් Linux Distribution කියන නමින් බිඳී ආපු, Linux Distro එකක් යනුවෙන් සාමාන්‍යය ව්‍යවහාරයේදී අපට අහන්නට දකින්නට ලැබෙනවා.


Cost & Licensing

ලිනක්ස් සහ වින්ඩෝස් අතර ප්‍රධාන වෙනස්කමක් තමා මේ free vs paid කියන දේ. ලිනක්ස් ගැන කතා කරොත් ලිනක්ස් කියන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා ගන්න පුලුවන් OS එකක්. RedHat වගේ මෙහෙයුම් පද්ධති එයාලගෙන් ලැබෙන සේවාවන් වලට හා support එකට මුදලක් අය කරනවා. ඒ හැර ලිනක්ස් OS වලට කිසිම මුදලක් ගෙවන්න ඕන නෑ. මුදල් ගෙවීමක් සිදු කර Licence එකක් අරගන්න අවශ්‍ය වෙන්නෙම නෑ.

නමුත් වින්ඩෝස් කියන්නේ සම්පූර්ණයෙන්ම මුදල් ගෙවීමක් යටතේ ලබා ගන්න ඕන OS එකක්. අපිට මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන්න අවශ්‍ය නම් ඊට අදාළ මුදල එම ආයතනයට ගෙවා ඒ වෙනුවෙන් License එකක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.

අපේ රටේ ගොඩක් වෙලාවට PC එකක් ගන්නකොටම ඊට අදාල Shop එකෙන්ම Windows දාලා දුන්නත්, බොහෝ වෙලාවට මේ ලබාදෙන Windows copy එක genuine, එහෙමත් නැතිනම් නීත්‍යානුකූල copy එකක් නෙවෙයි. මේ හරහා දැනට පෙනෙන තරමේ හානියක් නැතත්, මතක තියාගන්න ඕන දේ තමයි, මේක ඉතාමත් වැරදි දෙයක් කියන එක.

Licencing ගැන කතා කරොත් ලිනක්ස් එන්නේ GPL (General public license) එක යටතේ. මේක අයිති වෙන්නේ open source license ගණයට. මේකෙදි ප්‍රධාන වශයෙන් source code එක නිදහස් නිසා ඕන කෙනෙකුට අවශ්‍ය පරිදි වෙනස් කරන්න, බෙදාහරින්න අවස්ථාව දීල තියනවා.

නමුත් වින්ඩෝස් වලට, EULA (End User License Agreement), එහෙමත් නැතිනම් පරිශීලකයා හට බළපැවැත්වෙන වෙනමම Licensing ක්‍රමයක් තියනවා. මේ license අයිති වෙන්නේ proprietary ගණයට.

Open Source vs Closed Source

Open source
Open source කියන්නේ මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරන්න භාවිතා කරපු source code එක ඕන කෙනෙකුට ලබා ගන්න පුලුවන් විදිහට නොමිලේම නිකුත් කරල තියනවා කියන අදහසයි.

මේවගේ තියන වාසිය තමයි, පරිගණක ක්‍රමලේඛණ භාෂා ගැන දැනුමක් තියන ඕන කෙනෙකුට මෙහෙයුම් පද්ධතිය ලියන්න පාවිච්චි කරපු source code එකේ අන්තර්ගත වෙන්නේ මොනවද කියල බලාගන්න පුලුවන්.

ගෙදර භාවිතා කරන OS එකෙන් ඔබ්බට ගිහින්, අපි හිතුවොත් යම්කිසි ආයතනයකට විශේෂ අවශ්‍යයතාවයක් නිසා තමන් භාවිතා කරන OS එකට අලුත් පහසුකමක් එකතු කරන්න ඕන වුණා කියලා. අන්න ඒ වගේ වෙලාවට Software development ගැන දන්න කෙනෙක් ලවා මේ OS එක තමන්ට ඕන විදිහට වෙනස් කරගන්න වගේම ඒ විදිහට වෙනස්කම් කරපු OS එක නැවත බෙදාහරින්නත් අවස්ථාව තිබෙනවා.

අන්න ඒ විදිහට තමයි ඔය අපි දකින Ubuntu, RedHat, Fedora වගේ එක එක විදිහේ Linux distros අපි අතරට එන්නේ. අදාල ආයතන වලින් තමන්ගේ වෙනස්කම් සිදු කිරීමෙන් අනතුරුව නැවත බෙදාහරින සංස්කරණයන් තමයි මේ අපි භාවිතා කරන්නේ.

හැම දේකම වාසි වගේම අවාසිත් තියනවා, Source code එක open නිසා ඒක වැඩ කරන විදිහ ඕන කෙනෙකුට බළන්න පුළුවන්. ඉතින් හරි විදිහේ ආරක්ෂක උපක්‍රම භාවිතා කරලා නැත්තම්, මේක ඉතාමත් භයානක තත්ත්වයකට හැරෙන්නත් ඉඩ තියෙනවා.

Closed source (proprietary)
Closed source operating systems කියන්නේ අදාල මෙහෙයුම් පද්ධතිය ලියන්න භාවිතා කරපු source code එක මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන පිරිස, එහෙමත් නැතිනම් end users ලා හට ලබා නොදෙන මෙහෙයුම් පද්ධති වලටයි

මේව ලියන්න භාවිතා කරපු source code එක තියෙන්නේ මෙහෙයුම් පද්ධතියේ නිර්මාණකරුවන් ලඟ විතරයි. ඉතිං මෙහෙයුම් පද්ධතිය සාමාන්‍ය විදිහට වැඩ කරාට ඇත්තමට source code එකේ මොනාද තියෙන්නේ කියන එක නිර්මාණකරුවන්ට හැර අනිත් කිසිම කෙනෙකුට දැනගන්න බෑ.

ඒ වගේම වෙනස්කමක් කරන්න, තියන ගැටලුවක් නිරාකරණය කරන්න පුලුවන් වෙන්නෙත් නිර්මාණකරුටම පමණයි. මේක තමා closed source මෙහෙයුම් පද්ධතිවල තියන අවාසිය.


ඔය ටික කියෙව්වම Open source සහ Closed source ගැන පොඩි හරි අවබෝධයක් එන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මේ කොටස් දෙකෙන් ලිනක්ස් අයිති වෙන්නේ Open source කියන ගණයටයි. Open source වල තියන හැම වාසියක්ම ලිනක්ස් යුසර්ස්ලට හිමි වෙනවා. ඒ නිසා තමා ලිනක්ස් ගොඩක් වෙලාවට community projects විදිහට තියෙන්නේ.

වැදගත්:
Free & open source කියන වචන තුන ගොඩක් වෙලාවට අපිට එකට දකින්න ලැබුණත්, මෙහි free කියන එකෙන් අදහස් වෙන්නේ, නොමිලයේ කියන අදහස නම් නෙවෙයි. මෙය වෙනස් කරන්නට/බෙදා හරින්නට අවශ්‍යය නිදහස තිබෙන බව තමයි මේකෙන් අදහස් වෙන්නේ.

ඒ වගේම වින්ඩෝස් අයිති වෙන්නේ Closed source කියන ගණයට. ඒ නිසා ඉතිං closed source OS වල තියන ගතිලක්ෂණ තමා වින්ඩෝස් වල තියෙන්නේ.

Flavors and Customization

ඉස්සෙල්ලාම ලිනක්ස් ගැන කතා කලොත් සිය ගණනක් distributions තියනවා. මේව යූසර්ස්ලගේ විවිධ අවශ්‍යතා පදනම් කරගෙන තමා නිර්මාණයවෙලා තියෙන්නෙ. උදාහරණයක් විදිහට ගත්තොත් RedHat කියන්නේ enterprise මට්ටමේ ලිනක්ස් distribution එකක්.

Ubuntu ගත්තොත් ප්‍රධාන වශයෙන් desktop computer යූසර්ස්ල අරමුණු කරගෙන නිර්මාණය කරන distribution එකක්. Ubuntu server edition එකකුත් තියනව. ඒකත් ගොඩක් ජනප්‍රියයි. Kali linux ගත්තොත් පරිගනක ආරක්ෂකය (security) මූලික කරගත්ත distribution එකක්. Linux mint ගත්තොත් වින්ඩෝස් වලින් ලිනක්ස් වලට මාරු වෙන අලුත් ලින්ක්ස් යූසර්ලට ගැලපෙන විදිහට, ගොඩක් user friendly විදිහට තමා නිර්මාණය කරල තියෙන්නේ.

ඔය උදාහරණ දෙක තුනක් විතරයි. තව ගොඩාක් අරමුණු වෙනුවෙන් නිර්මානය කරපු ලිනක්ස් distributions ඕන තරම් තියනවා. ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමා මොකද්ද හොඳම distribution එක කියන එක.

ඒක ඉතිං තීරණය වෙන්නේ මොකද්ද ඔයාගෙ අවශ්‍යතාව, ඔයාගෙ දැනුම මට්ටම කොහොමද කියන එක මත තමා.

ලිනක්ස් Customization ගැන කතා කරොත් අපිට ඇති තරම් Themes, icon pack, windows decoration, pannel, color schemes වගේම desktop environment එක, ඒ කියන්නේ ඔයා Android Phone එකක Launcher එක මාරු කරනවා වගේ Linux Desktop Environment එක සම්පූර්ණයෙන්ම මාරු කරගන්න පුළුවන් වගේ, OS එකේ හැම දෙයක්ම වගේ අපිට් ඕන විදිහට customize කරගන්න පුලුවන්.

තව දෙයක් තමා මෙහෙයුම් පද්ධතිය install කරන විට අපිට ඕන විදිහට, අපි කැමති desktop environment, display managers, boot loaders, software එක්ක අපිට ඕන විදිහට install කරගන්නත් අවස්ථාව සමහර distribution වල දීල තියනවා. ඒ නැත්තත් install කරාට පස්සෙ මෙහෙයුම් පද්ධතිය එකත් එක්ක එන software අයින් කරල අපිට ඕන software install කරගන්න සම්පූණ නිදහස දීල තියනවා.


වින්ඩෝස් ගැන කතා කරන විට මේ තත්ත්වය ගොඩක් වෙනස්. එයාල කලින්ම configure කරල තියන විදිහට OS එක පාවිච්චි කරන්න විතරයි මෙහිදී ගොඩක් දුරට අවස්ථාව දීල තියෙන්නේ. ඔයා iOS භාවිතා කරනවා නම් ඔයාට කවදාවත් අලුත් Launcher එකක් දාගන්න බෑ වගේ තමයි මේ Windows වල තිබෙන තත්ත්වයත්.

මෙහෙයුම් පද්ධතිය එක්ක එන Pre-installed software අයින් අරන්න අවස්ථාව නෑ. ඉස්සරනම් customization අන්තිමයි. හැබැයි දැන් දැන් නම් මූලික දේවල්, ඒ කියන්නේ theme, icon pack වගේ දේවල් වෙනස් කරන්න අවස්ථාව තියෙනවා.

හැබැයි ඉතිං ගොඩක් වෙලාවට ඒවා official ක්‍රම නම් නෙවෙයි. Rainmeter වගේ 3rd party මෘදුකාංග හරහා තමයි මේ වෙනස්කම් සිදු කරගන්න වෙන්නේ.

ඒ අතින් වින්ඩෝස් customization ටිකක් මදි කියල හිතෙනව. Users ට ඕන විදිහට මෙහෙයුම් පද්ධතිය එක configure කරගන්න හෝ තෝරගන්න අවස්ථාවක් දීල තිබ්බනම් ගොඩක් වටිනව.

Updates

වින්ඩෝස් වල අප්ඩේට් ගැනනම් හැමෝටම අමුතුවෙන් පැහැදිලි කරන්න තරම් දෙයක් ඉතුරු වෙලා නැහැ. කෙටියෙන්ම කිව්වොත් හෙනම වාතයක්. අප්ඩේට් එනව එනව ඉවරෙකුත් නෑ. අනික අප්ඩේට් ඇප්ලයි වෙනකම් පැය ගණන් බලන් ඉන්නත් ඕන. වැදගත් වැඩක් අතරමැද එහෙම හිටියොත් සොරි තමා.

ලිනක්ස් අප්ඩේට් නම් එහෙම කරදරයක් නෑ. යූසර්ට බලෙන් අප්ඩේට් දෙන්නෙත් නෑ, අනික ලිනක්ස්වල අප්ඩේට් ඇප්ලයි වෙන්න රීබූට් කරන්න ඕනෙත් නෑ. කර්නල් මාරු කරන්න උනොත් විතරක් රීබූට් කරන්න ඕන. නැත්තම් ඒ ඕනෙත් නෑ. කොටින්ම කිව්වොත් අප්ඩේට් කරාම රීස්ටාර්ට් කරන්න අත්‍යවශ්‍යම නෑ.

Security

Security පැත්ත ගැන කතා කරොත් ලින්ක්ස් වල වින්ඩෝස් වලට වඩා Security වැඩියි. ඒ කියන්නේ වයිරස්, මැල්වෙයා වගේ ප්‍රශ්නවලින් තොරයි. තොරයි කිව්වට ඉතිං දැන් දැන් නම් මැල්වෙයා එහෙම සමහර distribution වල repository වල තිබිල අහුවෙලා තියෙනවා.

හැබැයි ඒව ලොකු ප්‍රශ්න වෙන ඒවා නම් නෙවෙයි. බිට්කොයින් මයිනින් වෙනුවෙන් නිර්මාණය කරපු ඒවා වාගේ දේවල් තමයි දැනට අහු වෙලා තියෙන්නේ.

වයිරස්, මැල්වෙයා ලිනක්ස්වලට නැති (අඩු) වෙන්න හේතුවක් තමා Linux භාවිතා කරන යූසර්ස්ල ප්‍රමාණය අඩු වීම. මොකද ඉතිං වයිරස්, මැල්වෙයා ලියන කෙනෙක් උත්සහ කරන්නෙ තමන් ලියන වයිරස්, මැල්වෙයා එකෙන් වැඩිම ප්‍රයෝජනයක් ගන්නනේ. ඒකට ඉතිං target කරන්න ඕන වැඩිම user base එකක් තියන OS එකක් කියන එක ඕන කෙනෙකුට තේරෙනවා.

Linux based OS එකක සාමාන්‍යය වැඩ කටයුතු වලින් 99% වගේ වැඩ කරන්නෙ root permission නැතිව නිසා malicious software එකකින් Linux system එකට හානියක් වෙන්න තියන අවස්ථාව ඉතාමත් අඩුයි.

Software Installation (Centralized vs. Non Centralized)

ඔයාල දන්නවනේ වින්ඩෝස් වල software එකක් install කරන විදිහ. අදාල සයිට් එකට ගිහිල්ලා, exe file එක අරන්, ඒක open කරල install කරන්න ඕන. හැබැයි ලිනක්ස්වල එහෙම ඕන නෑ.

මොකද ලිනක්ස් වල package management system එකකින් තමා software manage කරන්නේ. ඒ කියන්නේ අපිට ලිනක්ස්වල software එකක් install කරන්න ඕන නම් කරන්න තියෙන්නෙ terminal එක open කරල පොඩි command එකක් run කරන්න විතරයි.

ඊට පස්සේ software එක තියන තැනකින් හොයලා, ඒක download කරලා, install කරන තැනට එනකම් ඉතුරු වැඩ ඔක්කොම package management system එක බලාගන්නවා.

හැබැයි ඉතිං package repository එකේ, එහෙමත් නැතිනම් මේ package manager එකට ඇතුලත් වෙලා නැති app එකක් නම්, ඒකේ source code එක අරන් compile කරගන්න වෙනවා. ගොඩක් වෙලාවට ඒ වගේ source code එක අරගෙන වෙන කෙනෙක් compile කරපු file එකක් අරගෙන Windows වල වගේම install කරගැනීමේ පහසුකමත් සමහර destro වල ලබා දීලා තියනවා.

ඊට අමතරව flatpakappimagesnap වගේ package management system වර්ග ගොඩක් තියනවා. ඕන නම් ඒවා පාවිච්චි කරන්නත් පුලුවන්. Appimage කියන්නේ ලිනක්ස්වල පාවිච්චි කරන්න් පුලුවන් portable software වර්ගයක්.

Software install කරන්න විතරක් නෙවෙයි ඒව update කරන්න, remove කරන්න මේ ඔක්කොම package management system එක පාවිච් කරලා ලේසියෙන්ම කරගන්න පුලුවන්. මේ package management system, distro එකෙන් distro එකට වෙනස් වෙනවා. 

උදා

Performance

Performance ගැන කතා කරොත් ලින්ක්ස් ගොඩක් ඉස්සරහින් ඉන්නවා කියන්න පුලුවන්. ලිනක්ස්වල තේරීම් ගොඩක් තියන නිසා තමන්ගෙ computer එකේ specification වලට ගැලපෙන distribution එකක් තෝරගන්න අවස්ථාව තියනවා.

ඒ වගේම ස්වභාවයෙන්ම Linux කියන්නේ Hardware එකක් ඉතාමත් සමීප සම්බන්ධතාවයක් පවත්වන OS එකක්. ඉතින් පරණ හාඩ්වෙයා එක්ක උනත් හොඳට වැඩ කරන්න පුලුවන් විදිහට නිර්මාණය කරපු distribution තියනවා.

ඔයා Linux distribution එකක් භාවිතා කරලා තියනවා නම් දැකලා ඇති, operating system එකටම අන්තර්ගත වන generic device drivers හරහා වුණත් අදාල hardware එක්ක ඉතාමත් හොඳ සම්බන්ධතාවයක් ගොඩනඟාගන්න Linux වලට හැකියාව තිබෙනවා.

Desktop environment වුණත් ගොඩක් තියන නිසා තමන්ගේ computer එකට හොඳටම ගැලපෙන එක තෝරගන්න පුලුවන්. අනික තමා distribution එකත් එක්ක එන software වලටම හිරවෙලා ඉන්න ඕන නැති නිසා, default එන software තමන්ට ගැලපෙන්නෙ නැත්තම් ඒව අයින් කරලා තමන්ට ගැලපෙන software වලට මාරු වෙන්නත් පුලුවන් නිසා ඒකත් වාසියක්.

වින්ඩෝස් වල තමන්ගේ කාර්යයන් අනුව home, pro, enterprise වගේ සුලු තේරීම් කිහිපයක් තිබ්බත් performance වල ලොකු වෙනසක් නෑ.

Support

Support එක ගැන කතා කරොත් දෙකේම ලොකු වෙනසක් නෑ. දෙකටම හොඳ support එකක් තියනවා. දෙකටම උදව් ගන්න වෙබ් සයිට්, ෆෝරම් ඕන තරම් තියනවා. ලිනක්ස්වලට විශේෂයෙන් හොඳම community support එකක් තියනවා. මොකද ඉතින් ලිනක්ස් පද්ධතිය නිර්මාණය වෙන්නෙම community එක මත කියන එක දැන් ඔයා දන්නවා නේ.

කොච්චර support එකක් තියනවද කියන එක තීරණය වෙන්නේ ඔයා තෝරගන්න distribution එක මත තමා. ඔයා Ubuntu වගේ distro එකක් තෝර ගත්තොත් හොඳම community support එකක් තියනවා.

Usability

අනිත් හැම දේකින්ම Linux ඉස්සරහින් ඉන්නවා වගේ පෙනුණත්, මෙන්න මේ ගැන කතා කරන වෙලාවට නම් Windows මේ හැම Linux distro එකකටම වඩා ඉස්සරහින් ඉන්නවා කියන එක ගැන කතා දෙකක් නැහැ.

Linux කොච්චර හොඳ වුණත් ලොව පුරා තිබෙන සෑම පරිගණක 10කින් 9කම Windows Operating system එකක් දුවන්න ප්‍රධානතම හේතුව තමයි මේ Windows මෙහෙයුම් පද්ධතියේ තිබෙන usability features. පුලුවන් තරම් user friendly වෙන්න තමා වින්ඩෝස් නිර්මාණය කරල තියෙන්නේ.

කොහොම වුණත් මීට වසර කිහිපයකට පෙර Linux වල තිබුණු තත්ත්වයට වඩා දැන් ගොඩක් හොඳ දියුණුවක් තියනවා. Ubuntu, Linux mint, Elementary OS වගේ distribution ලොකු දැනුමක් නැති සාමාන්‍ය පරිශීලකයෙකුට වුණත් පාවිච්චි කරන්න පුලුවන් තත්වයේ තියනවා.

පොදුවේ ගත්තොත් ලිනක්ස් පාවිච්ච් කරන්න වින්ඩෝස් වලට වඩා දැනුමක් අවශ්‍ය වෙනවා. වැඩේ තියෙන්නෙ මුලින්ම ලිනක්ස් වලට එනකොට ගැලපෙන user friendly distribution එකක් තෝරගන්න එක තමා. එහෙම නැතුව ටිකක් advanced distribution එකක් තෝර ගත්තොත් මුලින්ම ලිනක්ස් භාවිතය එපා වෙයි.

ඒ වගේම වින්ඩෝස් වල තියන ලොකු වාසියක් තමා Adobe වගේ proprietary software නිර්මාණය කරන අය ඒ වෙනුවෙන් දක්වන සහයෝගය. Photography, video editing වගේ ක්ෂේත්‍රයක වැඩ කරන කෙනෙකුට නම් වින්ඩෝස් තමා. ලිනක්ස්වල මේවට alternatives තිබ්බට ඒවා එච්චර සාර්ථක නෑ.

වින්ඩෝස් වල තව වාසියක් තමා gaming. ලිනක්ස්වලත් ගේම ගහන්න බෑ කියනවා නෙවෙයි, පුලුවන්. ඉස්සර වගේ නෙවෙයි දැන් steam වගේ platform තියන නිසා ලිනක්ස්වලත් හොඳට ගේම් ගහන්න පුලුවන්. ඒත් ඉතින් තවමත් gaming වලට හොඳම මෙහෙයුම් පද්ධතිය තමා වින්ඩෝස්.

ලිනක්ස් වල තිබෙන command line එක, එහෙමත් නැතිනම් Terminal එක, ලිනක්ස්වල එක සුවිශේෂීම දෙයක්. ලිනක්ස්වල command line එකෙන් කරන්න පුලුවන් දේවල් අසීමිතයි. වින්ඩෝස් වලත් command line එකක් තිබ්බට ඒක ලිනක්ස්වල තරම් powerful නෑ.

ලිනක්ස් කියන්නේ ඕනෑම අවශ්‍යතාවයකට ගැලපෙන තනි solution එකක්. Desktop, servers, low end computers, older computers වගේ ඕනම අවශ්‍යතාවයකට ගැලපෙනවා. ලෝකයේ ලොකුම ටෙක් කම්පැනි (Google, Facebook, IBM, Oracle) සම්පූර්ණයෙන්ම වගේ භාවිතා කරන්නේ Linux පාදක කරගත් servers වලින්.


අන්තිමට කියන්නේ මේ මෙහෙයුම් පද්ධති දෙක වෙනස්ම අන්ත දෙකක තියන මෙහෙයුම් පද්ධති දෙකක්. මම මේකෙදි ලිනක්ස් හොඳද, වින්ඩෝස් හොඳද කියල කියන්න යන්නෙ නෑ. ඒක තමන්ගේ වුවමනා එපාකම් අනුව ගතයුතු තීරණයක්.

මොකද කලින් කිව්ව වගේම මේ දෙකේම එකින් එකට අවේණික හොඳ/නරක තියනවා. හරි දේ තමා තමන්ට හරියන මෙහෙයුම් පද්ධතිය තෝර ගන්න එක. මෙතනදි මම කතා කලේ ප්‍රධාන කරුණු ටිකක් විතරයි.

මේ කියපු දේවල් වලින් ඔයාට Linux සහ Windows අතර වෙනස යම් තරමක් දුරට හරි තේරුම් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා.